
මේක පටන් ගන්න හොද වේලාවක් බලන්නවත් සුභ නමක් දාගන්න වත් අපිට ඕන කමක්
තිබුනේ නෑ.හැබැයි මේ අදහස එළියට ගන්න සිගරට් 20 ක් විතර පුච්චන්න වුනා.
පෙකිනි වැලෙන් නිදහස් වුන වෙලාවේ ඉදලා අපි තනියම ජිවිතේ හොයන්න උත්සහ
කරනවා.ඒත් අපි වටා ගොඩ නැගෙන බැදිම් සියල්ල හමුවේ,ජිවිතේට අර්ථයක් දෙන්න
මාර ගේමක් ගහන අපි අන්තිමට හතර රියනක් බදාගෙන යන්න යනවා.
මේ කාල සීමාව තුල අපි කොයි තරම් නම් පසුතැවිලි වෙනවද? හිතින්
ඒත් අවංකවම මේ කෑල්ල ගැන කතා කරන්නවත් අපිට වේලාවක් තියෙනවද? තිබුනත් අපි
කතා කරනවද? සංස්කෘතික රාමුව ඇතුලේ ගුලි වේච්ච ජිවිතයක් ම ගත කරනවා.
පරම්පරාවේ වරුනේ කියන ජොබ් එකක් හොයගන්න, පට්ට කෑල්ලක් දාගන්න,නැත්නම්
හැන්ඩ්සම් කොල්ලෙක් හොයාගන්න (එයාට ගෙයක් තියෙනවා නම් වඩා හොදයෑ)
හත්මුතුපරම්පරාවටම කියලා මගුලක් කන්න, ළමයි දෙතුන් දෙනෙක් හදලා හොද
ඉස්කෝලේකට දාන්න,ඊට පස්සේ උන්ට දැවැදි හොයන්න, කතන්දර කියන සීයා කෙනෙක්
(බෙන් ටෙන් කතා) හරි ඩෝනට් එකක් කන්න හොරෙන් සල්ලි දෙන (මොකද දැන් කාලේ
කඩවල් වල ලොසින්ජර නෑනේ )
ආච්චි කෙනෙක් වෙන්න, පෙරුම් පුරන ජිවිත වලට
එහා ගිය,ගන්ධබ්භ ජිවිත වලට කතා කරන්න ඉඩ දෙන,කතාකරන්න හිතෙන සියලුම පාර්ශව
වලට මෙතැන් සිට මේ අවකාශය.........
වරෙල්ලා චුට්ටක් ගොඩවැදිලා ජිවිතේ ඇත්ත, අවංකවම කතා කරමු.